Posts

ලාංකීය වන සංහාරය.....

Image
                              වර්ග කිලෝමීටර 65610 ක් පමණ වන භූමි ප්‍රදේශයකට හිමිකම් කියන ශ්‍රී  ලංකාද්වීපය  ඉතා කුඩා දූපතකි. සමකාසන්නයේ පිහිටි මෙම දූපත ඉන්දියන් සාගරයේ පිහිටා ඇත.උස් ගස් වලින් වටවූ මිනිස් ජනාවාසයෙන් තොර විවිධ සතුන් පමණක් ජීවත් වන  ප්‍රදේශය වනාන්තරයක් ලෙස සරලව අපට හැඳින්විය හැකිය. මිහිතලය ජීවයෙහි පැවැත්ම සඳහා වනාන්තර අත්‍යවශ්‍ය වේ . තාක්ෂණික වශයෙන් දියුණු වීමත් සමඟ මිනිස් ක්‍රියාකාරකම් වෙනස් වෙමින් පවතී.වනාන්තර මගින් මිනිසුන් බිලියන ගණනකට වාසස්ථාන සපයන ලබන අතර මිනිසුන් ජීවත්  වන පරිසරයට ගුණාත්මකභාවයක් ලබා දෙයි. මේ අතරම ගංගා ඇළ දොළ ආදී ජල පෝෂක ප්‍රදේශ පමණක් නොව ජල චක්‍රය පාංශු චක්‍රය  පාලනය කිරීම සහ දේශගුණයක  සමතුලිතතාවය රැක ගැනීම වනාන්තර තුළින් සිදුවේ. නමුත් වර්තමානය පමණ වන විට මිනිස් ක්‍රියාකාරකම් වල සංකීර්ණභාවයත් සමග දිනෙන් දින වන සංහාරය වර්ධනය වෙමින් පවතී. සංස්කෘතික සමාජයීය ආර්ථික අංශයන් අංශයන්හි දියුණුවත් සමඟ වන විනාශය රටින් රටට වෙනස් වේ. ශ්‍රී ලංකාවේ වන විනාශය මෙර...

දහසක් නොවටින මිනිසුන්.......

Image
                     බ්‍රිතාන්‍ය යටත්විජිතකරණ යත් සමඟ ලාංකීය දේශපාලන සමාජීය ආර්ථික සංස්කෘතික  යනාදී සියළුම අංශයන් තුල පරිවර්තනයක් දැකගැනීමට හැකිය. ඒ අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ  පැවැති සංස්කෘතිය බිඳ වැටීම බටහිරකරනට ලක් වූ සංස්කෘතියක් මෙරට තුළ දැක ගැනීමට හැකිය. ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි. මෙරට ප්‍රධානතම විදේශ විනිමය ගෙනෙන අංශයක් ලෙස වැවිලි කර්මාන්තය හඳුන්වා දිය හැකිය.බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමත් සමග කඳුකර ආශ්‍රිත ප්‍රදේශය වතු කර්මාන්තය ආරම්භ විය. බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයෙන් නිදහස ලබා වසර 73 කාලයක් ගත වුවත් මෙරටට ප්‍රධානතම විදේශ විනිමය ගෙන එන කර්මාන්තයක් ලෙස වතු කර්මාන්තය හැඳින්විය හැකියි. ඈත අතීතයේ වතු කර්මාන්තවල  වැඩ කිරීම සඳහා ඉන්දියාව වැනි  අත්‍යාසන්න රටවල් වල සිට  මෙරටට කම්කරුවන් ගෙන එනු ලැබුණි.එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට වතු ආශ්‍රිතව කම්කරු ප්‍රජාවක් බිහි වී සිටී. වර්තමානය වන විටත් මෙම වතු ආශ්‍රිතව වැඩ කටයුතු සිදුකරන්නෙ වතු කම්කරුවන් විසිනි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම...

තවමත් නොවිසඳුණු අලි මිනිස් ගැටුම......

Image
                                                                 ශ්‍රී ලංකා යනු දකුණු ආසියාවේ පිහිටි ඉතා කුඩා දූපතකි. අතීතයේ සිට මෙරට ප්‍රධානත ම ජීවනෝපාය වුයේ කෘෂි කර්මාන්තයයි. ලෝකයේ දියුණුතම සත්වයා මනුෂ්‍යයාය. ලාංකීය සත්ව ලෝකයේ සිටින විශාලතම සත්වයින් වන්නේ අලි සහ ඇතුන්ය. මිනිසා තාක්ෂණික වශයෙන් දියුණු වීමත් සමඟ ස්වභාව දහමට ඇති ලැදියාව කෙමෙන් අඩුවී ඇත. අතීතයේ සිට මෙරට ජීවනෝපාය ලෙස කෘෂිකර්මාන්තය හැඳින්වුව ද වර්තමානය වන විට එය වෙනස් වෙමින් පවතී. වනාන්තර එළි පෙහෙළි කරමින් කර්මාන්තයන් ,මහා මාර්ග ,ගොඩනැගිලි...... වැනි දෑ ඉදිකිරීමට  පෙළඹී ඇත. මෙම හේතුව නිසා වනාන්තරවල වල සිටින සත්වයින් සාමාන්‍ය ජනතාව අතරට පැමිණීමට  පුරුදු වී සිටී. මේ හේතු නිසා සතුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇති වේ. ඒ අනුව දීර්ඝ කාලීනව ලාංකීය සමාජය තුළ අලි මිනිස් ගැටුම නොනවතින ගැටුමක් ලෙස වර්ධනය වී ඇත.                 ...

කොරෝනා හමුවේ ලාංකීය අධ්‍යාපනය.....

Image
                              ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි.මෙම වසර ආරම්භයත් සමග චීනයේ වුහාන් නගරයෙන් අභිරහස් වෛරසයක් ආරම්භ වී  එය ලොව පුරා පැතිරී ගියේය.මෙම වසරේ ජනවාරි මස පමණ වන විට ලාංකීය ජනතාව අතර ද කොරෝනා  වෛරසය පැතිර ගියේය.ඒ අනුව ජනවාරි විසිපස් වන දින පමණ වන විට කොරෝනා ආසාදනය වූ චීන ජාතික කාන්තාවක් මෙරටින් හමු විය.අනතුරුව මාර්තු මස පමණ වන විට මෙරට පාසල් විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතන රජය විසින් වසා දමනු ලැබුවේය.                                                ශ්‍රී ලංකාව යනු සාක්ෂරතාවයේ ඉහළම පවතින රටකි.එනම් ලාංකීය අධ්‍යාපනය ද ඉතා වටිනා අධ්‍යාපනයකි.ලාංකිකයින් වසර දහ තුනක පමණ කාලයක් තුළ පාසල් අධ්‍යාපනයෙ ද ඉන් අනතුරුව වසර හතරක පමණ කාලයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද  ලබා ගනි. ලාංකීය සමාජය තුල අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් ලබාදී ඇත.නමුත් ජනවාරි මස ආරම්භ වූ පළමු කොරෝන...

ලාංකීය තරුණ ජීවිත බිලි ගන්නා මත්ද්‍රව්‍ය...

Image
                                                                                    තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය පිළිබඳ කතාබහට ලක් වූයේ මෑත කාලයේදී වුවද  මෙම මත්ද්‍රව්‍ය ආරම්භය ක්‍රිස්තු වර්ෂ 1505 පමණ ඈත කාලය දක්වා දිවයයි.ශ්‍රී ලංකාව යනු යටත්විජිතකරණයට ලක් වූ රටකි.ඒ අනුව පෘතුගීසි ලන්දේසින් සහ ඉංග්‍රීසින් යටතේ  සියවස් හතරහමාරකට ආසන්න කාලයක් පාලනය විණි.ඒ තුළින් ලාංකීය දේශපාලන ආර්ථික සමාජයීය සහ ආගමික අංශයන් තුල විශාල පරිවර්තනයක් සිදු වුණි.එම සියලූම අංශයන් යුරෝපීයකරනයට ලක් වීමක් දැක ගත හැකිය.                                                                           ...

20 න් සිදුවන්නේ කුමක්ද?

Image
                                     වත්මන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ 1978 දෙවැනි ජනරජයේ       ජේ.ආර්.ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන්  ස්ථාපිත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.වරින් වර විවිධ සංශෝධනයට ලක් වූව ද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ම වර්තමානයේ ද මෙරට ප්‍රධානතම නීති ලියවිල්ල වී තිබේ.1978 ජනරජයට පසුව 2020 වසරේ පැවැති මැතිවරණය තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  තුනෙන් දෙකක බලතල සහිත ව නියෝජිතයන් පත් කිරීමට මෙරට ජනතාව ඔවුන්ගේ ඡන්ද බලය භාවිතා කරනු ලැබීය.මෙම ආණ්ඩුව බලයට  පත්වීමත් සමග නව සංශෝධනයක් පාර්ලිමේන්තුවට යෝජනාවේ.ඒ  විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමිනි.මෙමගින් ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ මෙරට ප්‍රධාන විධායකය වන ජනාධිපතිතුමාගේ බලතල වල වෙනස් වීමකි.මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණි.                            ...

යළි මතු වූ දෙවන කොරෝනා රැල්ල.....

Image
                                                                                                   මෙම වසරේ ආරම්භ වීමත් සමඟ ලොව පුරා කතාබහට ලක් වූයේ ඉතා බිහිසුණු වෛරසයක් වන කොරෝනා වෛරසය පිළිබඳවයි.මෙම කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ඉතා ශීඝ්‍රයෙන් ආර්ථික වශයෙන් ප්‍රමුඛ  ස්ථානයක් ලබා ගන්නා රටවල් අතර පමණක් නොව ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ පවා කතාබහට ලක්විය.ජනවාරි මස 25 වන දින කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවක් මෙරටින් හමු විය.                                                                                ...