ශ්‍රී ලංකාවේ දිනෙන් දින වර්ධනය වන මාර්ග රිය අනතුරු......

                               ශ්‍රී ලංකාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටකි. ඈත අතීතයේ මිනිසා ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරනු ලැබුවේ පා ගමන කරත්ත ගැල් ආදිය යි. විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසා එක් තැනක සිට තවත් ස්ථානයකට ප්‍රවාහන කටයුතු සිදුකරගැනීමට විවිධ රථවාහන නිපදවන ලැබිණි  . ශ්‍රී ලංකාව ද බ්‍රිතාන්‍ය යටත් විජිත යටත්විජිත කරණයට ලක් වූ පසු මෙම විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ප්‍රවාහන කටයුතු උදෙසා රථ වාහන භාවිත කරනු දැකගත හැකිය. ඒ අනුව මෙරට තුළ මහා මාර්ග වැනි යටිතල පහසුකම් ද ඉතා වේගයෙන් දියුණුවට පත්වී තිබේ.මහා මාර්ග වල ශීඝ්‍ර දියුණුවත් සමගම සෑම නිවසකම එදිනෙදා කටයුතු සඳහා ප්‍රවාහනය සිදු කිරීමේ රථ වාහනයක් දැකගැනීමට හැකිය. 

                                 අදවන විට ශ්‍රී ලංකාව පුරා මහා මාර්ග පමණක් නොව අධි වේගී මාර්ග අධිවේගී මාර්ග පවා නිර්මාණය වීම දැකගත හැකිය. මුදල් පසුපස හඹා යන මෙවැනි සමාජයක් තුළ එදිනෙදා ජීවිතයේ කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීම උදෙසා මිනිසුන් හෝ ප්‍රවාහන කටයුතු පොදු ප්‍රවාහන සේවා නැතහොත් පෞද්ගලික ප්‍රවාහන සේවා තුළින් සිදු කර ගනී. ඒ අනුව ඉතා කාර්යබහුල දිවි පෙවෙතක්  ගත කරන පුද්ගලයින් ඔවුන්ගේ කටයුතු කාර්යයන් සිදුකර ගැනීමට රථ වාහන යොදා ගනී. අද වන විට මෙම රථවාහන අනතුරු බහුලව වර්ධනය වීමක් දැක ගැනීමට හැකිය.

                                          


                                පසුගිය සමයේ බදුල්ල පස්සර ප්‍රදේශයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කඳු බෑවුමක් පහළට වැටීම නිසා මිනිස් ජීවිත 15කින් පමණ වන්දි ගෙවිය.එයට ප්‍රධානම හේතු වූයේ ගොස් ඊට විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථ රියදුරාගෙ නොසැලකිලිමත් භාවය නිසාය. මීට අමතරව පසුගිය සමයේ පානදුර ප්‍රදේශයේ දරුණු රිය අනතුරක් සිදුවිය. එහිදී  යතුරුපැදිකරුවෙකු ගේ නොසැලකිලිමත් ධාවනය නිසා දරුවන් තිදෙනෙකුට ජීවිතය හිමිවිය. මෙම සෑම රිය  අනතුරකට ම හේතුවී තිබෙන්නේ   රියදුරන්ගේ නොඉවසිලිවන්ත ධාවනය නොසැලකිලිමත් රථ ධාවනය එසේත් නොමැති නම් ජංගම දුරකථන වැනි දෑ භාවිතා කරමින් රිය ධාවනය ,මීට අමතරව බීමතින් රිය ධාවනය  යන ආදී වූ රියදුරන්ගේ නොසැලකිලිමත් භාවය නිසා සිදුවන රිය අනතුරු බහුලව අපට දැකගත හැකිය. බොහෝවිට  එමඟින් එමගින් ජීවිතක්ෂයට පත්වීම හෝ  වෙනත් අතුරු ආබාධයකට ලක්වීම සිදු වන්නේ අහිංසක දුගී දුප්පත් මගී න්ය ය. 

                                               


                                දිනෙන් දින වර්ධනය වන මෙම රිය අනතුරු වලට වගකිව යුත්තෝ කවරහු ද ඒ වගකිවයුත්තන් වන්නේ එම රියදුරන් මය. එසේත් නොමැතිනම් මගීන්ය. නිසියාකාර වල මාර්ග නීති රීති පිළිපදිමින් රිය ධාවනයට රියදුරන් යොමු වන්නේ නම් මෙවැනි අනතුරු අපට වළක්වා ගත හැකිය. දිනෙන් දින වර්ධනය වෙන්න මෙම මාර්ග රිය අනතුරු අවම තත්ත්වයකට පත්කර ගත හැකිය. ඒ සඳහා අප අපගේ ජීවිතය මෙන්ම  අපගේ කාර්යයන් මෙන්ම ම අනෙකාගේ ජීවිතය පිළිබඳවත් වගකීම් සහගතව  කටයුතු කළ යුතුය. එමඟින් අපට දිනෙන් දින වර්ධනය වන මෙම මාර්ග රිය අනතුරු අවම කර ගත හැකිය.


සටහන -: මධූ අත්තනායක .....🖊️

Comments

Post a Comment

Popular posts from this blog

ජංගම දුරකථන භාවිතය සහ ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයා......

තවමත් නොවිසඳුණු අලි මිනිස් ගැටුම......