ජංගම දුරකථන භාවිතය සහ ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයා......
ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය වසර දහතුනකට සීමාවේ. වයස අවුරුදු 5ක් පමණ වනතුරු දෙමාපියන් යටතේ වැඩෙන දරුවා ඉන් අනතුරුව සිය අධ්‍යාපනය ලබා ගැනීම උදෙසා පාසල් සඳහා පැමිණේ. ඉන් අනතුරුව මෙම දරුවන් දෙමාපියන්ට අමතරව ගුරුවරුන් යටතේ ද සිය ජීවිතය ගොඩනඟා ගනී. ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 18ට අඩු සියලුම පුරවැසියන් ළමයින් ලෙස සලකනු ලබයි. වර්තමානය වන විට විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනයට හිමි වන්නේ ඉතා ඉහල ස්ථානයකි. ළමයින්ගේ මට්ටම ඉහළ නංවා ගැනීම උදෙසා සාමාන්‍ය පෙල පොත සමඟ කෙරෙනු ලබන අධ්‍යාපනයට අමතරව දෙමාපියන් ඔවුන්ට තාක්ෂණික උපාංග සමග අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
පසුගිය සමයේ ශ්‍රී ලංකාව තුළ ට බලපෑ කොරෝනා වසංගතයේ හේතු කර ගනිමින් මෙරට පාසල් අධ්‍යාපනය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට රජයට නොහැකි වූ නිසාවෙන් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දුනි. එහි සුවිශේෂ අවස්ථාවක් ලෙස ජංගම දුරකථන නොමැති වූ පාසල් ශිෂ්‍යයන්ට පවා ජංගම දුරකථනයක් දෙමාපියන් විසින් ලබාදෙන ලදී . ඒ අනුව මෙම ජංගම දුරකථන භාවිතය තුළින් සිය අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමට කර ගැනීමට සාමාන්‍ය පාසල් ශිෂ්‍යයාට ලැබී ඇති සුවිශේෂී වරප්‍රසාදයකි.
නමුත් මෙම ජංගම දුරකථන භාවිතය නිසා වර්තමාන වන විට බහුලව පාසල් ශිෂ්‍යයන් සඳහා අනතුරුදායක තත්ත්වයක් උදාවී තිබේ. අධ්‍යාපන කටයුතුවලට අමතරව නොයෙකුත් ආකාරයේ සාමාන්‍ය පාසල් ශිෂ්‍යයකුට අනවශ්‍ය වැරදි ක්‍රියා වල නියැලීම සඳහා ජංගම දුරකථනය භාවිතා කිරීම දැකගත හැකිය. බොහෝ විට ඒ අනුව පාසල් ශිෂ්‍යයෙක් සිය දිවි නසා ගැනීම් පවා සිදුකර ගැනීම සාමාන්‍ය සමාජයේ අපට ඇසීමට ලැබෙන පුවතකි. එමෙන්ම මෙම ජංගම දුරකථන භාවිතය නිසාවෙන් පාසල් ශිෂ්‍යා ගුරුවරුන් සහ වැඩිහිටියන් දෙමාපියන් අතර පවතින සමීප සම්බන්ධතාවය ද ගිලිහී යමින් පවතී. මෙම ජංගම දුරකථනය අද සමාජයට අත්‍යවශ්‍ය ය භාණ්ඩයක් වී තිබීමත් තිබිමත් මෙම විද්‍යාවේ හා විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ අප ඉදිරියට යා යුතුය. එමෙන්ම අප නිවැරදි දේ පමණක් අනුගමනය කළ යුතුය. දෙමාපියන් තම පාසල් ශිෂ්‍යයෙක් වන දරුවන් සඳහා ජංගම දුරකථනයක් ලබා දීමේදී ඔවුන් පිළිබඳව සැලකිලිමත් ලෙස සොයා බැලීම තුළින් මෙවැනි ආකාරයෙන් පාසල් ශිෂ්‍යයා ජංගම දුරකථන භාවිතා කිරීමේ දී මුහුණ දෙන ප්‍රබල ගැටළු වලට විසඳුමක් ලබාගත හැකිය. දෙමාපියන් සහ දරුවන් අතර පවතින සමීප සම්බන්ධතාවය බිඳ නො හෙළමින් විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉදිරියට ගලා යමින් සිය අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීමට දරුවාට නිසි මාර්ගය පෙන්වාදීම පෙන්වාදීම දෙමව්පියන් ගේ යුතුකමකි.
👍❤️
ReplyDelete🤞🤞🤞👍👍
ReplyDeleteImportant
ReplyDeleteGood article
ReplyDeleteGood
ReplyDelete❤️❤️❤️
ReplyDeleteEla
ReplyDelete👏🙌👏🙌🙌👏
ReplyDelete👍👍👍👍👍👍
ReplyDeleteහොද ආදර්ශයක්
ReplyDelete❤️❤️❤️❤️❤️
ReplyDelete