ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන......
සමස්තයක් ලෙස ගත් කල ලොව පුරා වර්තමාන තත්ත්වය අනුව සෑම ගැහැණු ළමයින් දහදෙනෙකුගෙන් දෙදෙනෙක් ද සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට ලක්වේ. මෙය සාමාන්‍ය දත්ත ගත කිරීමේදී එක් එක් රටවලට අඩු වැඩි වශයෙන් වෙනස් විය හැකිය. ලංකාවේද ළමුන් ලිංගික අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. මෙම වාර්තාවෙන් අනාවරණය වන්නේ සාමාන්‍යයෙන් සිදු වන ලිංගික අපයෝජන ප්‍රමාණය නොව ඒ අතරින් වාර්තා වන්නා වූ ලිංගික අපයෝජන පමණි. නමුත් ලැජ්ජාව බිය සමාජ ආකල්ප නොදැනුවත්කම වැනි විවිධ හේතූන් මත බොහොමයක් අවස්ථාවල මෙම වාර්තාකරණය මග හැරී තිබේ.
අද වන විට ළමා හා ලිංගික අපචාර ලොව පුරා පැතිරී පවතී. මෙය සමාජීය වශයෙන් නොවිසඳුණු ප්‍රශ්නයක් ලෙස හඳුනාගත හැකිය. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ මෙම සිදුවීමට බලපාන තරමක් සංකීර්ණ හේතු පැවතීමයි. එමෙන්ම ඇතැමුන් මේ පිළිබඳව දැනුවත් වීමකින් තොර වීමත් හඳුනා ගත හැකිය. මෙම ලිංගික අපචාර සාමාන්‍යයෙන් රහස්‍ය අපරාධයක් වශයෙන් හඳුන්වා දීමට හැකිය. ඇතැම් විට මෙම අපරාධ අපරාධකරුවන් මෙන්ම අපරාධයට ලක්වන වින්දිතයන්ට රහසක් ලෙස වසන් කර තබා ගැනීමට දැඩි සේ උත්සාහ ගනී. ළමා අපචාරයට ලක් වූවෙකු නිර්භයව ලැජ්ජාව නිසා සගවාගෙන නොසිට තමාට සිදු වූ දෙය වසන් කිරීමකින් තොරව ඉදිරිපත් කර යුතුයි. ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 18ට සෑම පුරවැසියෙක්ම ළමයින් ලෙස සලකනු ලැබේ.මෙම ළමයින් ඔවුන්ට සිදුවන ළමා අපචාර පිළිබඳව වාර්තා කිරීමට පැකිලීමක් දක්වයි .
සාමාන්‍යයෙන් ළමයෙකු මෙම ලබා අපචාරයට පත් වීමේ දී සියයට අනූවක්ම එයට සිදුවන්නේ ඉතා සමීපව ඇසුරු කරන දන්නා හඳුනන අයගෙන්ම තමාට ළමා අපචාර සිදු විය හැකි බවයි. සැබෑ ලෝකයේ ප්‍රායෝගිකව ගත් කල අපට පෙනී යන්නේ බහුලවම මෙම ළමා අපචාර සිදුවීමේ දී එම ළමයාට ඉතා සමීප දන්නා හඳුනන ඔහු හෝ ඇය ඉතා ගරු කරන පුද්ගලයෙක් තුළින් ඔහුට ඇයට එම අපචාර සිදුවීය හැකිය. බොහෝවිට තම සුළු පියා සුළු මව මාමාවරු ඥාති සොයුරන් සොයුරියන් වැනි පවුලේ ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයින්ගෙන් සිදුවන මෙම ළමා අපචාර සිදුවීම් පිළිබඳව බහුලව දැකගත හැකිය.
බොහෝ විට මෙම ළමා හිංසනයන් සිදු කරන්නන් මානසික ආබාධ හෝ විවිධ ප්‍රශ්න වලින් පෙළෙන උදවිය ලෙස අපට හඳුනාගත හැකිය. ළමුන් හා ලිංගිකව හැසිරීමට උන් දැඩි ලෙස ආශාවක් දක්වන මානසික තත්ත්වයකින් පෙළෙන උන් ලෙස හඳුනා ගැනීමට හැකිය.
තවද මෙම ළමා අපචාරයට ලක්වන වින්දිතයින් අපට හඳුනා ගැනීමේදී පෙනීයන්නේ ඒ පිළිබඳව ළමයා දැනුවත් වීමකින් තොර වීම ඔවුන්ට නිසි ලෙස ආරක්ෂාවක් නොමැති වීම යනාදී කරුණු වේ. එමෙන්ම දිළිඳු මෙන්ම අගහිගකම් වලින් පරිපූර්ණ වූ දරුවන් මෙවැනි අපරාධවලට ගොදුරුවීමේ ඉඩකඩ බහුලව පවතී. එහිදී එම දරුවන්ගේ මෙම පවතින දිළිඳුකම උපකරණයක් කරගනිමින් ඔවුන්ගෙන් විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීමට ඇතැම් පුද්ගලයින් සාමාන්‍ය සමාජයේ පෙළඹී තිබේ.
මෙවැනි ලිංගික අපචාර සඳහා ළමයින් ගොදුරු වන්නේ ඔවුන්ට වැඩිහිටියන්ගෙන් නිසි ලෙස ආරක්ෂාවක් නොලැබීම නිසාය. බොහෝ විට පවුල් සංස්ථාවන් තුළ දෙමාපියන් අතර පැන නගින ගැටළුකාරී තත්වයන් හේතු කර ගනිමින් එමෙන්ම දෙමව්පියන් අතර සිදුවන්නා වූ දික්කසාදය වැනි තීරණ තුළින් ඔවුන් අතර පවතින විවිධ සම්බන්ධතාවයන් තුළින් ළමයින් බහුලව ළමා අපචාර වලට ගොදුරු වෙයි මෙවැනි අපරාධ සිදු වූ වහාම ළමා අපචාරයට අපයෝජනට ලක්වූ ළමයින් පිළිබඳව වාර්තා කිරීමට ශ්‍රී ලංකාව තුළ ආයතන රැසක් පවතී. එනම් පොළිස් ළමා හා කාන්තා කාර්යංශය,.ජාතික ළමා ආරක්ෂක අධිකාරිය,පරිවාස කොමසාරිස් යන ආයතන වේ. එම ආයතන තුළින් අසාධාරණ ලක්වී ඇති ලක්වී ඇති ළමයින්ට සාධාරණයක් ඉටු කර ගැනීමට හැකියාවක් පවතී . ළමයින් යනු පුංචි මල් කැකුළු ය. ඔවුන්ට මෙම සමාජය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති හෙයින් ඔවුන් මෙවැනි අපරාධයන්ට ගොදුරු විය හැකිය එහෙයින් ළමයින් සඳහා නිසි ආරක්ෂාවක් රැකවරණයක් ආදරය නිසි ආකාරව ලබාදෙමින් මෙම අනාගත පරපුර රැක ගැනීම වැඩිහිටි පරපුර සතූ යුතුකමකි.
Kalina matrukawak👍👍👍
ReplyDeleteGood ❤
ReplyDeleteGood topic,.......i wish increase your ability everyday....👍👍
ReplyDeleteEkanam hadawathatama danuna🥺
ReplyDelete👍👍
ReplyDelete💔💔🥺🥺🥺🥺
ReplyDeleteNiyami
ReplyDeleteNiyamai
ReplyDelete👏🙌👏🙌👏🙌👏
ReplyDelete❤️❤️
ReplyDeleteGood
ReplyDeleteGood
ReplyDeleteGood
ReplyDelete❤️❤️❤️
ReplyDelete