ලාංකීය වන සංහාරය.....
වර්ග කිලෝමීටර 65610 ක් පමණ වන භූමි ප්‍රදේශයකට හිමිකම් කියන ශ්‍රී ලංකාද්වීපය ඉතා කුඩා දූපතකි. සමකාසන්නයේ පිහිටි මෙම දූපත ඉන්දියන් සාගරයේ පිහිටා ඇත.උස් ගස් වලින් වටවූ මිනිස් ජනාවාසයෙන් තොර විවිධ සතුන් පමණක් ජීවත් වන ප්‍රදේශය වනාන්තරයක් ලෙස සරලව අපට හැඳින්විය හැකිය. මිහිතලය ජීවයෙහි පැවැත්ම සඳහා වනාන්තර අත්‍යවශ්‍ය වේ. තාක්ෂණික වශයෙන් දියුණු වීමත් සමඟ මිනිස් ක්‍රියාකාරකම් වෙනස් වෙමින් පවතී.වනාන්තර මගින් මිනිසුන් බිලියන ගණනකට වාසස්ථාන සපයන ලබන අතර මිනිසුන් ජීවත් වන පරිසරයට ගුණාත්මකභාවයක් ලබා දෙයි. මේ අතරම ගංගා ඇළ දොළ ආදී ජල පෝෂක ප්‍රදේශ පමණක් නොව ජල චක්‍රය පාංශු චක්‍රය පාලනය කිරීම සහ දේශගුණයක සමතුලිතතාවය රැක ගැනීම වනාන්තර තුළින් සිදුවේ. නමුත් වර්තමානය පමණ වන විට මිනිස් ක්‍රියාකාරකම් වල සංකීර්ණභාවයත් සමග දිනෙන් දින වන සංහාරය වර්ධනය වෙමින් පවතී. සංස්කෘතික සමාජයීය ආර්ථික අංශයන් අංශයන්හි දියුණුවත් සමඟ වන විනාශය රටින් රටට වෙනස් වේ. ශ්‍රී ලංකාවේ වන විනාශය මෙරට තුළ දැකගත හැකි ප්‍රධානතම ගැටලුවක් ලෙස හැඳින්විය හැකිය.
සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ වන විනාශය අපට නිතැතින් ම දැකගත හැකිය. වනාන්තර විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබයි. මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ හුස්ම මතය. මිනිස් ජීවිතයට අවශ්‍ය ඔක්සිජන් වායුව පහසුවෙන් ලබා දෙන්නේ වනාන්තර වල ඇති ශාක මගිනි. කාබන් චක්‍රය සමතුලිතතාව රැක ගැනීමට වනාන්තර නිතැතින් ම බලපායි. කාබ ඩයොක්සයිඩ් යනු හරිතාගාර ආවරණයට දායක වන ප්‍රධානතම වායුවයි. වායුගෝලයේ පවතින අනෙකුත් වායු සාපේක්ෂව තාපය වැඩි වශයෙන් අවශෝෂණය කර ගැනීමට කාබන්ඩයොක්සයිට් වලට හැකිය. එමෙන්ම ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලිය දී ශාක වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගනිමින් පිරිසිදු ඔක්සිජන් වායු පරිසරයට මුදාහරී. ඕනෑම රටක අවම වශයෙන් 35% පමණ වන වැස්මක් පැවැති යුතු අතර වර්තමානය වන විට අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාව තුළ පවතින්නේ 20% පමණ වන වැස්මකි.
ලාංකීය වන සංහාරයේ ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය සමයේ ය. ඔවුන් වන විනාශය සිදු කොට වාණිජ බෝග වගා කිරීමට ජනතාව යොමු කරයි. එම හේතු නිසා වනාන්තර අහිමි වුවත් ආර්ථික වාසි නිසා වර්තමානය වන විට දැඩි ලෙස වන විනාශ සිදුවේ. විවිධ ව්‍යාපෘති වල ප්‍රතිඵල ලෙස වන විනාශය සිදුවී ඇත. "මහවැලි ව්‍යාපෘතිය'' ඉදි කිරීමේ දී දැඩි ලෙස වනාන්තර විනාශ කර එය ඉදිකිරීමට මෙරට රජය උත්සාහ ගෙන තිබේ. නමුත් මෙම ව්‍යාපෘතිය මඟින් වනාන්තරයෙ කිලෝමීටර් 2430 පමණ ප්‍රමාණයක් ප්‍රතිස්ථාපනය කර ඇත.
ශ්‍රී ලංකාව තුළ වන විනාශයට ප්‍රධානතම හේතුන් වන්නේ කෘෂිකර්මාන්තය, ජනාවාස සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, වාණිජ කෘෂි කාර්මික ව්‍යාපාර සහ හේන් ගොවිතැන සඳහා මැණික් කර්මාන්තය උදෙසා වැනි මිනිස් ක්‍රියාකාරකම් සඳහා දැඩි ලෙස වන සංහාරය දැකගත හැකිය. එමෙන්ම වර්තමානය වන විට කැලෑ ගිනි ගැනීම තුළින් ද දැඩි ලෙස අක්කර ගණන් වන විනාශ සිදුවී ඇත. සෑම වසරකම පාහේ විවිධ ප්‍රදේශවල කැලෑ ගිනි ගැනීම් වාර්තා වේ. මෙම හේතුන් නිසා පසේ සරු සාරවත්භාවය ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති යනාදියට හානි සිදු වීම මෙන්ම ඇතැම් වනාන්තර ගුණාත්මකභාවය අඛණ්ඩව පහත වැටීම ද සිදු වී තිබේ .
පසුගිය කාලය තුළ වන විනාශය පිළිබඳව විවිධ පුවත් වාර්තාවේ. ගොඩ රක්ෂිතය විනාශ කිරීම, සිංහරාජයේ විනාශය, විල්පත්තු රක්ෂිතය විනාශය ..... යනාදී ලෙස බොහෝ පුවත් වාර්තා වී තිබේ .ශ්‍රී ලංකාවේ ජනගහනය වර්ධනයත් සමඟ මෙම වන විනාශය ද වර්ධනය වී ඇති බව දැකගත හැකිය. ඉහත දැක්වූ ආකාරයට වන විනාශය හේතුවෙන් දේශගුණයට පරිසරයට සහ ජන ජීවිතයට අහිතකර බලපෑම් රාශියක් සිදුවී තිබේ. ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රතිශතය 70% ක් වු නමුත් ක්‍රමයෙන් 2015 වසර පමණ වන විට 29% පමණ දක්වා අඩු වී තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයට අනුව 2005 වසරේ අග භාගයේ සිට සෑම වසරකදීම ප්‍රාථමික වනාන්තරයන්ගේ වන ආවරණය 1% ප්‍රමාණයකින් අහිමිවන රටවල් අතර සිව්වන ස්ථානය බවට අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇත.
මෙම වන සම්පත සහ වනජීවීන් ආරක්ෂා කිරීම සඳහා අපට ගතහැකි ක්‍රියාමාර්ගයන් රැසකි.
1). වන වගා ව්‍යාපෘතිය ඇති කිරීම.
2). ප්‍රජා සහභාගීත්ව වන වගාව දිරි
ගැන්වීම.
3). ජාතික රක්ෂිත හා අභය භූමි
පවත්වාගෙන යාම.
4). වන සංරක්ෂණ වාරිමාර්ග
අනුගමනය කිරීම.
5). රුක් රෝපණ සහ වනාන්තර වල
ඵලදායිතා වර්ධනය කිරීම.
6). පරිසර සංවේදී කලාප ඇති කිරීම.
7). වන විනාශයේ අහිතකර ප්‍රතිඵල
පිළිබඳ ජනතාව දැනුවත් කිරීම.
තවද අන්තර්ජාතික පාරිසරික සංවිධාන සමග එක්ව ශ්‍රී ලංකා රජය විසින් වසර ගණනාවක් පුරා ජාතික වනෝද්‍යාන රක්ෂිත සහ අභය භූමි පිහිටුවීමෙන් මෙම ගැටලුව විසඳීමට පියවර කිහිපයක් ගෙන තිබේ. උදාහරණයක් ලෙස 1988 වසරේ දී සිංහරාජ වන සංරක්ෂිතය ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කිරීම.
ජනගහනය වර්ධනයත් සමඟ ශ්‍රී ලංකාවේ ඇති වෙන මෙම පුළුල් වන සංහාරය තුළින් පාරිසරික සහ ජන ජීවිත වල ඇතිවන විපර්යාසයන් පමණක් නොව මීට අමතරව ගංවතුර නාය යාම නියඟය වැනි ස්වාභාවික ආපදාවල වර්ධනයක් ද අපට දැකගත හැකිය. වනාන්තර යනු ජීවීන්ගේ හුස්ම රඳා පවතින දෙයකි. අප මෙම ගහ කොළ සතා සිවුපාවට ආදරය කළ යුතුය. අප මෙම වන සම්පත රැක ගත යුතුය. මිනිස් ජීවිත සත්ව ජීවිත රඳා පවතින්නේ ඒ මතය. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස මෙරට සංවර්ධනය විය යුතු වන්නා සේම මෙරට තුළ පවතින ස්වභාවික සම්පත් රැකගැනීමද අපගේ ගැනීම ද අපගේ ජාතික මෙහෙවරකි. වර්තමානය තුළ පවතින මෙම දැඩි වන සංහාරයට විසඳුමක් ලෙස ගත හැක්කේ නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමයි. ඒ තුළින් රට සංවර්ධනය වන්නා සේම මිනිස් ජීවිත ද සත්ව ජීවිත මෙන්ම ස්වභාවික පරිසරය ද ආරක්ෂා වේ.
පරිසරය සුරකිමු❤️
ReplyDelete👍👍
ReplyDeleteBest
ReplyDeleteImportant ❤️
ReplyDeleteVeleuble
ReplyDeleteGood👍👍
ReplyDelete👍👍
ReplyDelete👍👍😑
ReplyDelete👏👏best
ReplyDeleteEla
ReplyDelete👏👏👏👏👏
ReplyDeleteEla
ReplyDeleteEla
ReplyDeleteBest
ReplyDeleteImportant
ReplyDelete👍👍👍👍👍
ReplyDeleteNiyamai💛
ReplyDeleteGood article
ReplyDeleteSuper 👍
ReplyDeleteGood
ReplyDeleteGreat
ReplyDeleteImportant 💛🥂
ReplyDeleteGood
ReplyDeleteImportant
ReplyDelete