දහසක් නොවටින මිනිසුන්.......
බ්‍රිතාන්‍ය යටත්විජිතකරණ යත් සමඟ ලාංකීය දේශපාලන සමාජීය ආර්ථික සංස්කෘතික යනාදී සියළුම අංශයන් තුල පරිවර්තනයක් දැකගැනීමට හැකිය. ඒ අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ පැවැති සංස්කෘතිය බිඳ වැටීම බටහිරකරනට ලක් වූ සංස්කෘතියක් මෙරට තුළ දැක ගැනීමට හැකිය. ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි. මෙරට ප්‍රධානතම විදේශ විනිමය ගෙනෙන අංශයක් ලෙස වැවිලි කර්මාන්තය හඳුන්වා දිය හැකිය.බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමත් සමග කඳුකර ආශ්රිත ප්‍රදේශය වතු කර්මාන්තය ආරම්භ විය. බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයෙන් නිදහස ලබා වසර 73 කාලයක් ගත වුවත් මෙරටට ප්‍රධානතම විදේශ විනිමය ගෙන එන කර්මාන්තයක් ලෙස වතු කර්මාන්තය හැඳින්විය හැකියි. ඈත අතීතයේ වතු කර්මාන්තවල වැඩ කිරීම සඳහා ඉන්දියාව වැනි අත්‍යාසන්න රටවල් වල සිට මෙරටට කම්කරුවන් ගෙන එනු ලැබුණි.එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට වතු ආශ්‍රිතව කම්කරු ප්‍රජාවක් බිහි වී සිටී. වර්තමානය වන විටත් මෙම වතු ආශ්‍රිතව වැඩ කටයුතු සිදුකරන්නෙ වතු කම්කරුවන් විසිනි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් දැනට වසර පහක පමණ සිට ගැටලුවක් පැන නගී.
කඳුකර ආශ්‍රිතව පවතින වතු කර්මාන්තයන්හි වැඩ වල නියැළෙන්නේ වතු කම්කරුවන්ය.මොවුන් එම වතු ආශ්‍රිතව ජීවත්වේ. අඩු පහසුකම් සහිත නිවෙස් වල ජීවත්වන මොවුන්ට දෛනික දීමනා වශයෙන් ලබා දෙන්නේ ඉතා සුළු මුදලකි. නිවැසියන් සියලු දෙනා එම මුදලින් තම ජීවිතය ගැටගසා ගත යුතුය. ඔවුන් වතු ආශ්රිත නිවෙස්වල ජීවත් වන නිසා වෙනත් කිසිදු රැකියාවකට යාමට ද නොහැකිය. දීර්ඝ කාලීනව මෙම වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැනනගී. සෑම අවස්ථාවකදීම ඔවුන් විසින් ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ගයක් ලෙස වැඩ වර්ජනයන් පැවැත් වුවත් එයට කිසිදු විසඳුමක් ලැබී නැත. පසුගිය රජයෙන් ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 750 කරන බව ප්‍රකාශ කරත් රුපියල් 1000 දක්වා වැඩි කර ගැනීමට නොහැකිවිය. ඔවුන්ගේ එකම අභිප්‍රාය වන්නේ දෛනික වැටුප රුපියල් 1000 කරගැනීමටයි.
වර්තමාන රජයේ අයවැය විසින් පෙබරවාරි මස සිට මොවුන්ගේ දෛනික වැටුප රුපියල් දහස ලෙස තීරණය කරත් වතු කර්මාන්තය ආශ්රිත වතු හිමියන් ඒ සඳහා විවිධ කොන්දේසි පනවා තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ගේ වැඩ මුරයට අමතරව දිනකට තවත් පැය දෙකකට වැඩි කාලයක් සේවය සිදු කිරීමත් එමෙන්ම දිනකට දළු කිලෝ දෙකක් වැඩිපුර කඩා දීමත් ය. මෙම කොන්දේසි වලට එකඟ වුවහොත් පමණක් දෛනික වැටුප රුපියල් දාහක් කිරීමට ඔවුන් තීරණය කර ඇත.
මෙරටට විදේශ විනිමය ගෙන වැවිලි කර්මාන්ත ක්ෂේත්රයේ ඉහළම ස්ථානයක් ලබා ගන්නා වතු කර්මාන්තයන්හි නියැලෙන මෙම කම්කරුවන් උදෙසා සාධාරණ වැටුපක් ලබා දීම වතු හිමියන් විසින් සිදු කර යුතු නොවේද? ඔවුන්ද මනුෂ්‍යයෝය. තමන්ගේ වතු කර්මාන්ත ආශ්රිත ව්‍යාපාරයක් දියුණු වන්නේ මෙම වතු කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කෑමෙන් බව ඔව් නොදනීද? දිනෙන්දින ආර්ථිකය තුළ වර්ධනයක් දක්නට ලැබුණත් ඔවුන්ගේ දෛනික ආදායම පහළ මට්ටමක පැවතීම නිසා ඔවුන් දැඩි අසරණ තත්ත්වයකට පත් වී ඇත. පසුගිය දිනයන්හි එනම් පෙබරවාරි මස පස්වන දින කඳුකරය ආශ්‍රිතව වතු කම්කරු ජනතාව විසින් ලංකා කම්කරු කොංග්‍රසය සමග ඒකරාශී වී හර්තාල් ව්‍යාපාරයක් ගෙන යන ලදී. එහිදී කඳුකර ප්‍රදේශය පමණක් නොව මතුගම ප්‍රදේශයේ ද වැඩ වර්ජනයක් පැවතුණි. මොවුන් සේවයට වාර්තා කිරීම නතර කර හර්තාල් ව්‍යාපාරයට සහාය වූ අතර තලවාකැලේ ආශ්රිත ප්‍රදේශයේ වෙළද සැල් වසා දමා මෙයට සහාය පළකර සිටියහ.
ඉතා දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන ගතකරන මෙම කඳුකරයේ ජීවත්වන වතු කම්කරු ජනතාවට වර්තමාන රජය විසින්වත් සහනයක් ලබා දිය යුතු නොවේද? ඔවුන්ට දෛනික මූලික වැටුප රුපියල් දහසක් කිරීමට වතුකම්කරු හිමියන් එකඟ විය යුතු නොවේද? එසේ නොවේ නම් මේ අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුද? කඳුකර ආශ්රිත ප්‍රදේශයේ ජීවත්වන මෙම ජනතාව සඳහා රුපියල් 1000ක වැටුප ලබා දීමට වෘත්තීය සංගම් පමණක් නොව ඔවුන් එකට ඒකරාශී වී වසර ගණනාවක සිට අරගල කරමින් සිටී. ඊයේ දිනයේදී පෙබරවාරි මස 8 වන දින විෂය භාර අමාත්‍යවරයා වන නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව වශයෙන් රුපියල් 900 ක් ද අයවැය දීමනා වශයෙන් රුපියල් 100 ද ලෙස දෛනික වැටුප රුපියල් දාහක් ලබාදීමටත් අනුමත කරනු ලැබූ බවයි. දීර්ඝ කාලයක් තිස්සේ පැවති මෙම වතු කම්කරු හිමියන්ගෙ නොවිසඳුණු ගැටලුව වෙනුවෙන් වර්තමානය රජයේ අවධානය යොමුවිය යුතුම ය .
සටහන -: මධූ අත්තනායක......🖊️
👍👍
ReplyDeleteGreat 👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍👍👍
ReplyDeleteGood
ReplyDeleteGOOD 👍
ReplyDeletegood jb
ReplyDeleteBest
ReplyDelete👍👍
ReplyDeleteBest💛
ReplyDeleteVeleuble
ReplyDeleteWell done
ReplyDelete👍👍👍👍👍👍
ReplyDelete👍👍
ReplyDeleteBest
ReplyDeleteAnna ekai
ReplyDeleteAnna ekai
ReplyDeleteAnna ekai
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete👏👏👏👍👍
ReplyDelete👍👍
ReplyDelete🔥👍
ReplyDelete👍👍
ReplyDeleteNiyamai
ReplyDelete👍👍👍
ReplyDeletegood
ReplyDeleteGreat 🥂💛
ReplyDeleteNiyamai
ReplyDelete👍👍👍👍
ReplyDelete❤️❤️❤️
ReplyDeleteAnd good luck
ReplyDelete👍👍
ReplyDeleteගොඩක් සංවේදී ලිපියක්
ReplyDelete💫💫
ReplyDeleteAssignment ekat watina deyak
ReplyDeleteGreat🎉️
ReplyDeleteGood article 👍
ReplyDelete💜️💜️💜️
ReplyDeleteGood job
ReplyDeleteGood article
ReplyDeleteSupiri article eka
ReplyDelete