තවමත් නොවිසඳුණු අලි මිනිස් ගැටුම......

                         


                                       ශ්‍රී ලංකා යනු දකුණු ආසියාවේ පිහිටි ඉතා කුඩා දූපතකි. අතීතයේ සිට මෙරට ප්‍රධානත ම ජීවනෝපාය වුයේ කෘෂි කර්මාන්තයයි. ලෝකයේ දියුණුතම සත්වයා මනුෂ්‍යයාය. ලාංකීය සත්ව ලෝකයේ සිටින විශාලතම සත්වයින් වන්නේ අලි සහ ඇතුන්ය. මිනිසා තාක්ෂණික වශයෙන් දියුණු වීමත් සමඟ ස්වභාව දහමට ඇති ලැදියාව කෙමෙන් අඩුවී ඇත. අතීතයේ සිට මෙරට ජීවනෝපාය ලෙස කෘෂිකර්මාන්තය හැඳින්වුව ද වර්තමානය වන විට එය වෙනස් වෙමින් පවතී. වනාන්තර එළි පෙහෙළි කරමින් කර්මාන්තයන් ,මහා මාර්ග ,ගොඩනැගිලි...... වැනි දෑ ඉදිකිරීමට  පෙළඹී ඇත. මෙම හේතුව නිසා වනාන්තරවල වල සිටින සත්වයින් සාමාන්‍ය ජනතාව අතරට පැමිණීමට  පුරුදු වී සිටී. මේ හේතු නිසා සතුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇති වේ. ඒ අනුව දීර්ඝ කාලීනව ලාංකීය සමාජය තුළ අලි මිනිස් ගැටුම නොනවතින ගැටුමක් ලෙස වර්ධනය වී ඇත.

                              මෙම අලි මිනිස් ගැටුමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මිනිසුන් ශීඝ්‍රයෙන් වනාන්තර එළි පෙහෙළි කර පරිශීලනය කිරීමත් , එම වනාන්තර ආශ්‍රිතව වගා කටයුතු සිදු සිදුවීමත් ය. වර්තමාන වනවිට තලාව, ලුණුගම්වෙහෙර, ආණමඩුව, කන්තලේ, සූරියවැව..... යන ආදී ප්‍රදේශ තුළ අලි මිනිස් ගැටුම දැඩි ලෙස වර්ධනය වී ඇත. ශ්‍රී ලංකාවේ දැනට වල් අලින් වනාන්තර ආශ්‍රිතව  7500 ක් පමණ ජීවත් වේ. 2015 සිට 2019 දක්වා කාල සීමාව තුළ මිනිස් ජීවිත 395 ක් ද වන අලින් 1454 ද ජීවිතක්ෂයට පත් වී තිබේ. 2019 වර්ෂය තුළදී  අලි මිනිස් ගැටුම තුළින් ජීවිතක්ෂයට පත්වූ මිනිස් මරණ සංඛ්‍යාව 118 කි.

                            වන අලින් මරණ සහ මිනිස් මරණ සිදුවන කලාපයන් එකොළහක් දැක්විය හැකිය.

                 


                            එම කලාප 11 මෙසේ දැක්විය හැකිය.

   කලාපය                                   මිනිස් මරණ                      අලි මරණ 

1).නැගෙනහිර                                   80                                   212

2).අනුරාධපුර                                    37                                   131

3).පොලොන්නරුව                           68                                   195

4).දකුණු                                           36                                     83

5).වයඹ                                            30                                     61

6).ඌව                                             17                                     18

7).ත්‍රිකුණාමලය                                13                                     64

8).මධ්‍යම                                           9                                     22

9).වව්නියාව                                      7                                      50

10).පුත්තලම                                    5                                       27

11).කිලිනොච්චිය                             3                                       15

            

                           මේ ආකාරයට පසුගිය වසර 04 තුළ අලි මිනිස් ගැටුම හේතුකොටගෙන අනුරාධපුර පොලොන්නරුව නැගෙනහිර කලාපවල මිනිස් මරණ 185 ක් ද  වන අලින්ගේ මරණ 538  ද සිදු වී ඇත. ඉහත දැක් වූ වනජීවී කලාපයන් තුළ දීර්ඝ කාලීනව අලි මිනිස් ගැටුම දැක ගත හැකියි. වන අලින් වෙසෙන ස්ථානයට සමීපව හෝ  ඔවුන් ජීවත්වන වනාන්තරය එළි පෙහෙළි කරමින්  තම වගාවන් කර ගැනීමට ඒ ආශ්‍රිත ජනතාව හුරු වී තිබේ. ඒ අනුව ඔවුන්ගේ වගාවන් පාළු කිරීමට පැමිණෙන වන අලින් සමග ගැටෙන මිනිසුන් මෙන්ම මිනිස්ජී ක්‍රියාකාරක හමුවේ වනඅලින් ද  ජීවිතක්ෂයට පත්වෙයි. වර්තමානය වන විටත් මෙම ගැටුමට විසඳුමක් ලැබී නැත. රජය විසින් වන අලින් වෙසෙන ස්ථානවල සිටින ජනතාව ඉවත් කිරීමට ප්‍රතිපත්ති ගෙන තිබුණද එය තවමත් සිදුවී නැත. 

                                   පසු ගිය දින හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංගමය සහ තවත් සංගම් 86 එකට ඒකරාශී වී සත්‍ය ක්‍රියාවක් ද සිදු කළේ  ඔවුන්ගේ ප්‍රදේශයේ ඇතිවී තිබෙන අලි මිනිස් ගැටුමට සහනයක් ලබා ගැනීමේ අරමුණෙනි. එම ප්‍රදේශයේ ජනතාව රාත්‍රී කාලය ගත කරන්නේ ගස්වල තනා ඇති පැල්පත්වල සිටය. දහවල් කාලයේද වන අලින් මහා මාර්ගයට ද පැමිණෙන බව ඔවුන් ප්‍රකාශ කර සිටියහ. තවද ඔවුන්ගේ ගොවි බිම් පාළු කරන බවද ප්‍රකාශ කරයි.මෙමගින් පෙනී යන්නේ මෙම වන අලින්ගෙන් උග්‍ර ලෙස ගැටළු ඇති වන බවත් එහිදී මිනිස් ජීවිත පමණක් නොව වන අලින් ද ඝාතනය වන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියහ. බලධාරීන් නිසි විසඳුමක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියහ.

                                මෙම වන අලි තර්ජනය ඇති වීමට ප්‍රධානතම හේතු වී තිබෙන්නේ වන අලින් වෙසෙන ස්ථාන එළිපෙහෙළි කරමින්  මහා මාර්ග ගොඩනැගිලි ආදිය ඉදි කිරීමත් එම ස්ථාන වල වෙනත් වගාවන් සිදු කිරීමත් නිසා ය. මනුෂ්‍යයාට තරම් දියුණු වූ මනසක් හෝ ඔවුන්ට නොමැත.ඔවුන් උත්සහ ගන්නේ ඔවුන්ගේ නිදහස සංචාරය කිරීමයි.  මෙම වන අලි තර්ජනය නිසාවෙන් නිසාවෙන් සාමාන්‍ය ජනතාව පමණක් නොව මාධ්‍යවේදීන් පවා ජීවිතය අහිමි කර ගෙන තිබේ. මේ පිළිබඳව සෑම රජයක්ම විසඳුම් ගෙන තිබුණද තිබුණද අද වනතුරුත්  එයට කිසිදු විසඳුමක් ලැබී නැත. 

                    වන අලින් ජීවත් වන ස්ථානයන්හි තිබෙන ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම, ඔවුන් ජීවත්වන ආසන්නයේ මහා මාර්ග ගොඩනැගිලි වගා කිරීම යනාදිය සිදු නොකිරීම,අලිමංකඩ විදුලි වැට අනුමැතියකින් තොරව ඉදිකිරීම ..... යනාදී කරුණු හේතු කොටගෙන හේතුකොට ගෙන මෙම අලි මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය වෙමින් පවතී. පාසල් විෂය මාලාවට මෙම වන අලි ගැටලුව ඇතුලත් කිරීම ද සුදුසු ය. 

                           මෙම මහා අලි මිනිස් සංහාරයට බලධාරීන් වගකිව යුතු නොවේද ? මේ අහිංසක අසරණ මිනිස් ජීවිත වලට සහ  සත්වයින් හට කවදාක විසඳුමක් ලැබේ ද? දීර්ඝ කාලීනව පවතින මෙම අලි මිනිස් ගැටුමට විසදුම් කෙසේ හෝ ලැබිය යුතු නොවේද? 


සටහන-: මධූ අත්තනායක.......🖊️

Comments

  1. අනිවාරෙන් විසදුමක් ලැබෙන්න ඔනි

    ReplyDelete
  2. විසදුම කෑළෑ විනාශය

    ReplyDelete
  3. Visadiya yuthuma prasnayak budusaranai

    ReplyDelete

Post a Comment