කොරෝනා හමුවේ ලාංකීය අධ්‍යාපනය.....

 

        

                   ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි.මෙම වසර ආරම්භයත් සමග චීනයේ වුහාන් නගරයෙන් අභිරහස් වෛරසයක් ආරම්භ වී  එය ලොව පුරා පැතිරී ගියේය.මෙම වසරේ ජනවාරි මස පමණ වන විට ලාංකීය ජනතාව අතර ද කොරෝනා  වෛරසය පැතිර ගියේය.ඒ අනුව ජනවාරි විසිපස් වන දින පමණ වන විට කොරෝනා ආසාදනය වූ චීන ජාතික කාන්තාවක් මෙරටින් හමු විය.අනතුරුව මාර්තු මස පමණ වන විට මෙරට පාසල් විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතන රජය විසින් වසා දමනු ලැබුවේය.

                      

                        ශ්‍රී ලංකාව යනු සාක්ෂරතාවයේ ඉහළම පවතින රටකි.එනම් ලාංකීය අධ්‍යාපනය ද ඉතා වටිනා අධ්‍යාපනයකි.ලාංකිකයින් වසර දහ තුනක පමණ කාලයක් තුළ පාසල් අධ්‍යාපනයෙ ද ඉන් අනතුරුව වසර හතරක පමණ කාලයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද  ලබා ගනි. ලාංකීය සමාජය තුල අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් ලබාදී ඇත.නමුත් ජනවාරි මස ආරම්භ වූ පළමු කොරෝනා රැල්ල රජය  සහ සෞඛ්‍ය අංශ ද ආරක්ෂක අංශ ද එකට ඒකරාශී වී  ඉතා කෙටි කාලයක් තුළ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට සමත් විය.ලෝකයේ බලවත් රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය ජපානය, චීනය, ඉතාලිය......යනාදී රටවල් වලට පවා මෙම කොරෝනා වෛරසය පරාජයට පත් කිරීමට ඉතා අපහසු කාලයක් පවතිද්දී ලාංකීය රජය විසින් එය මැඩ පැවැත්වීමට සමත් විය.නමුත් ඉකුත් ඔක්තෝබර් මස 4 වන දින මෙරටින් නැවතත් කොරෝනා රෝගියෙක් හමුවණු ලැබුණි.ඒ අනුව මෙරට තුළින් දෙවන කොරෝනා රැල්ලක් අභිරහස් ලෙස මතුවිය.අද වන විට ද මේ කෙසේ ව්‍යාප්ත වී ද යන්න සොයා ගැනීමට නොහැකි වී ඇත.මේ සමගම නැවතත් මෙරට පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමනු ලැබිණි.මෙරට අනාගත පරපුර ලෙස හඳුන්වන පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට අපහසු කාලයක් ලෙස මෙම කාලය හඳුන්වා දිය හැකියි.

                         මෙම කොරෝනා වෛරසය හමුවේ මෙරට දේශපාලන ආර්ථික  ආගමික සමාජයීය පසුබිම තුළ විශාල බිඳවැටීමක් අපට දැකගත හැකිය.එනමුදු මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රජය විසින් online අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.වත්මන් සමාජය තුළ මෙම අධ්‍යාපන ක්‍රමය ඉතා කඩිනමින් ක්‍රියාත්මක වේ.ලොව බලවත් රාජ්‍යවල පමණක් පැවති මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට  අද වන විට ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාවක් ලැබී ඇත.

                       නමුත් ශ්‍රී ලංකාව යනු  සංවර්ධනය වෙමින් පවතින රටකි.මෙරට තුළ ඉතා දුගී දුප්පත් ජනතාව පවා ජීවත් වේ.ඔවුනට මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය තුළින් අධ්‍යාපනය හැදෑරීමට  තරම් පහසුකම් නොමැත.මේ නිසාවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අඩක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය හදාරන ලබන අතර  බහුතරයකට මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හැදෑරීමට තරම් පහසුකම් ලැබී නොමැත.

                      ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත් වල අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට online අධ්‍යාපන ක්‍රමය මහත් ගැටළුවක් වී ඇත. ඇතැම් ප්‍රදේශවල ජීවත්වන දුගී දුප්පත් ජනයාට මෙම ඔන්ලයින් අධ්‍යාපන ගමේ හැදෑරීමට ගත යුතු තාක්ෂණික උපකරණ ලබා ගැනීමට තරම් ආර්ථික පහසුකම් නොමැත. එමෙන්ම දුරකථන පහසුකම් සිග්නල් 4G ගැටලුව වර්තමාන වන විට ලාංකීය ශිෂ්‍යාවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට මතුවී ඇත. 


                                   ලාංකීය අනාගත ශිෂ්‍ය ශිෂ්‍යාව ගේ අධ්‍යාපන තත්වය මේ අනුව සම මට්ටමක නොපවතී. ඇතැම් දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට online අධ්‍යාපනය ක්‍රමය ගැටළු මතු කරයි. ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා online අධ්‍යාපනය හැදෑරීමට උපකරණ පහසුකම් තිබිය ද ඔවුනට සිග්නල් 4G ප්‍රශ්න මතු වෙයි. ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිග්නල් 4G පහසුකම් තිබුණ ද ඔවුන්ට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හැදෑරීම සඳහා අවශ්‍ය උපකරණ පහසුකම් නොමැත. මේ අනුව වර්තමානය වන විට ලාංකීය අධ්‍යාපන ක්‍රමය තුළ ගැටලු රාශියක් පවතී. වර්තමානය වන විටත් බස්නාහිර පළාත තුළ අධ්‍යාපන ක්‍රමය අඩාළ වී ඇත. එයට ප්‍රධානතම හේතුව වන්නේ කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් මෙම පළාතෙන් හමුවීමයි. අනෙකුත් සියලුම පළාත් වල පාසල් මේ වන විට විවෘත කර තිබුණද   එහිදී ද දැඩි අවධානමක්  කොරෝනා හමුවේ පවතී. නමුත් බස්නාහිර පළාතේ ජනතාවගේ නොසැලකිලිමත් භාවය නිසා වර්තමානය වන විටත් අධ්‍යාපන ක්‍රමය අඩාළ වී ඇත. මේ වන විට ලාංකීය ආර්ථිකය ද ද බිඳ වැටෙමින් පවතී. එහෙයින් සාමාන්‍ය ජනතාව ලෙස අප සිදුකළ යුත්තේ හොඳ සෞඛ්‍ය ආරක්ෂක  ක්‍රියාපිළිවෙත් අනුගමනය කරමින් කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට රජයට සහය වීමයි. එසේ කොරෝනා වෛරසය පාලනය කරගතහොත්  ලාංකීය අධ්‍යාපන ක්‍රමය නැවතත් යථා තත්වයට පත්වේ. online අධ්‍යාපන ක්‍රමය හමු වේ අසරණ තත්ත්වයට පත්වී ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාධාරණයක් කිරීමට අපට හැකි ය. ලාංකීය ජනතාව ලෙස අප මේ මොහොතේ  සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් කොරෝනා වෛරසය තුරන් කරලීම එක් වී සිටිමු. එය අපගේ යුතුකමකි. ලාංකීය අධ්‍යාපන ක්‍රමය යථා තත්ත්වයට පත් කරමින් අපගේ අනාගතය භාර ගැනීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහයෝගය දක්වමු.


සටහන-: මධූ අත්තනායක ...🖊️

Comments

  1. කාලීනව වැදගත් ලිපියක් ❤

    ReplyDelete
  2. Niyamai akki🤗👻👍🤞🤟👆

    ReplyDelete
  3. වැදගත් ලිපියක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ජංගම දුරකථන භාවිතය සහ ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයා......

ශ්‍රී ලංකාවේ දිනෙන් දින වර්ධනය වන මාර්ග රිය අනතුරු......

තවමත් නොවිසඳුණු අලි මිනිස් ගැටුම......