ලාංකීය තරුණ ජීවිත බිලි ගන්නා මත්ද්‍රව්‍ය...


                                                             


                      තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය පිළිබඳ කතාබහට ලක් වූයේ මෑත කාලයේදී වුවද  මෙම මත්ද්‍රව්‍ය ආරම්භය ක්‍රිස්තු වර්ෂ 1505 පමණ ඈත කාලය දක්වා දිවයයි.ශ්‍රී ලංකාව යනු යටත්විජිතකරණයට ලක් වූ රටකි.ඒ අනුව පෘතුගීසි ලන්දේසින් සහ ඉංග්‍රීසින් යටතේ  සියවස් හතරහමාරකට ආසන්න කාලයක් පාලනය විණි.ඒ තුළින් ලාංකීය දේශපාලන ආර්ථික සමාජයීය සහ ආගමික අංශයන් තුල විශාල පරිවර්තනයක් සිදු වුණි.එම සියලූම අංශයන් යුරෝපීයකරනයට ලක් වීමක් දැක ගත හැකිය.
                                  
                                    
                                  පෘතුගීසීන් විසින් ප්‍රථම වරට "අබිං" නම් මත්ද්‍රව්‍ය  ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.එහිදී මෙම අබිං නම් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ වගා කිරීම සිදුකෙරිණි.අනතුරු ලන්දේසි සොල්දාදුවන්ද  අබිං කෑමට ප්‍රසිද්ධියක් ලබා ගෙන ඇත.1930 පමණ වන විට "ගංජා සහ අබිං" යන මත්ද්‍රව්‍ය දෙක වැඩි වශයෙන් භාවිතා කරනු ලැබිණි.අනතුරුව 70 දශකය පමණ වන විට භයානක මත් ද්‍රව්‍යයක් වන "හෙරොයින්" ශ්‍රී ලංකාව තුළ භාවිත වීමක් දැකගත හැකිය.විශේෂයෙම සංචාරකයින් බහුලව ගැවසෙන කොළඹ හික්කඩුව ආදී ප්‍රදේශවලට පමණක් මෙය සීමාවිය.නමුත් වර්තමාන වන විට හෙරොයින් භාවිතය ඉතා ශීඝ්‍රයෙන් රට පුරා පැතිරී ඇති බව අපට දැක ගත හැකියි.එපමණක් නොව ලොව භයානකම මත්ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන "අයිස්" නම් මත්ද්‍රව්‍ය 2017 පමණ වන විට ලාංකීය තරුණ ප්‍රජාව අතර ප්‍රචලිත විය.මෙය ඉතා භයානක මත්ද්‍රව්‍යකි.මෙය භාවිතා කිරීම නිසාවෙන් ශරීරය විරූපීභාවයට පත්වේ.

                                         


                                 වර්තමාන වන විට ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් ලෙස වර්ධනය වීමක් අපට දැකගත හැකියි.එයට ප්‍රධානත ම හේතුවක් ලෙස සැලකිය හැක්කේ 1978 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි.මෙම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ ලැබුණු අතුරු ප්‍රතිඵලයක් ලෙස  සමාජීය සහ ආර්ථික අංශ තුළ ආනයන සහ අපනයන සීමාවන් ලිහිල් කිරීම නිසා ජාත්‍යන්තර ගනුදෙනු ඉහළ යාමක් පෞද්ගලික  සහ  ජාත්‍යන්තර වෙළඳ  කටයුතුවලට අවසර ලැබීමත් හා නොයෙකුත් ආකාරයේ නීති විරෝධී ජාවාරම් මගින් මුදල් ඉපයීමට බොහෝ අය උත්සාහ කර ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස ලාංකීය තරුණ පරපුර මතට ඇබ්බැහි වීමක් ද මෙහිදී වැඩි වශයෙන් ම ධනවත් තරුණයන් මත්ද්‍රව්‍ය වෙත නැඹුරු වීමක් අපට දැකිය හැකියි.


                         ශ්‍රී ලංකා පිහිටා ඇති ස්ථානය ද සීඝ්‍රයෙන්  මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට හේතුවක් ලෙස ගත හැකිය.එනම් ශ්‍රී ලංකා පිහිටා ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කලාප දෙකකට අතරමැදිවයි.එනම් නැගෙනහිර දෙසින් පිහිටි ස්වර්ණමය ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන (ලාඕසය ,තායිලන්තය,බුරුමය) කලාපයත්,බටහිරින් පූර්ණ චන්ද්‍රවංකය ලෙස හඳුන්වන (ඇෆ්ගනිස්තානය,ඉරානය,පාකිස්ථානය) යන කලාප දෙකයි.



                         ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම මෙම මත්ද්‍රව්‍ය භාවිතය සිදු වන්නේ වයස අවුරුදු 18-30 වයස් කාණ්ඩයට අයත් තරුණයින් බවට අනාවරණය වී ඇත.එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම ධනවාදී ආර්ථික ක්‍රමයයි.කෘෂිකාර්මික දිවිපෙවෙතකට හිමිකම් කියූ ශ්‍රී ලාංකිකයන් යටත්විජිතකරණය සමග කෘෂිකාර්මික දිවිපෙවෙතෙන් ඈත් වීමක් දැකගත හැකිය.ඒ අනුව මුදල් පසුපස හඹා යන මෙම සමාජය තුළ දෙමාපියන් සහ දරුවන් අතර පවතින සම්බන්ධතාවය කෙමෙන් අඩුවී ඇත.එහිදී තරුණයින් දෙමව්පියන්ගෙන් ඈත් වී සමවයස් කණ්ඩායම් සමග වැඩි වශයෙන් ගනුදෙනු කිරීමක් දැකගත හැකිය.එහිදී ඔවුන් වැරදි ක්‍රියා මාර්ගවලට යොමු වීමේ ප්‍රවණතාව වැඩිය.මතට ඇබ්බැහි වීම එහි ප්‍රධානතම කරුණකි.තමාට හිමි නිදහස උපරිමයෙන් භුක්ති විඳීම උදෙසා තරුණයා උත්සහ කරන්නේ මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීමටයි.ශ්‍රී ලංකාවේ හෙරොයින් වලට ඇබ්බැහි වූ ප්‍රමාණය 50,000ක් පමණ බව පර්යේෂණ මගින් හෙළි වී ඇත.

                                              
                                                 
   

                           වත්මන් සමාජය තුළ කාන්තා හිංසනය,මිනීමැරුම්,ළමා අපචාර.........යනාදී බොහෝ අපරාධයන් සිදු වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය භාවිතාව නිසාමය.වත්මන් සමාජයේ තවදුරටත් මෙම මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සලකා බැලීමේදී  අපට දැකගත හැකි වන්නේ  බහුලව පිරිමි පාර්ශවය පමණක් නොව කාන්තා පාර්ශවය අතරත් ඉතා ප්‍රචලිතව මත්ද්‍රව්‍ය භාවිතා වීමයි.මෙමගින් සමාජයටවත්  තමාටවත් හිතකර දෙයක් සිදු වන්නේද යන්න ප්‍රශ්නයක් පැනනගී.

                           
                          මත්ද්‍රව්‍ය භාවිතයේ අතුරු ප්‍රතිඵල ලෙස අපරාධ පමණක් නොව පිළිකා,ශරීර අකර්මණ්‍යතාව, මරණය.... පවා වර්ධනය වීමක් අපට දැක ගත හැකියි.වැඩි වශයෙන්ම තරුණ පාර්ශවය අතර මේ වර්ධනය වීම නිසා අනාගත තරුණ පරපුර  මෙතුළින් විනාශයට පත් වීයයි.වත්මන් ලාංකීය රජය විසින් මෙම මතට ඇබ්බැහි වූ පුද්ගලයින් උදෙසා පුනරුත්ථාපන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.එමඟින්  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණ ජීවිත නැවතත් සමාජගත කිරීමට හැකි ආකාරයෙන් ඔවුන්ව පුනරුත්ථාපනය කරනු ලබයි.මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් ගෙන ගිය පුද්ගලයින් උදෙසා නීතිය ක්‍රියාත්මක වීම රජය විසින් සිදුකරනු ලබයි.උදාහරණ වශයෙන් මාකඳුරේ මධූෂ්,කන්ජිපානි ඉම්රාන්......යනාදි වශයෙන් හඳුන්වා දිය හැකියි.සමාජීය මෙහෙවරක් වශයෙන් අපට ගතහැකි ක්‍රියා මාර්ගයක් වන්නේ වයස අවුරුදු 18 ඉක්මවූ පසුව දරුවන් දෙමාපියන් විසින් අත්නොහැර ඔවුන්ව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් විනාශයට පත්වන අනාගත තරුණ පරපුර ඉන් වළක්වා ගැනීමයි.එය අපගේ යුතුකමයි.

සටහන -: මධූ අත්තනායක..... 🖊️

Comments

Post a Comment

Popular posts from this blog

ජංගම දුරකථන භාවිතය සහ ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයා......

ශ්‍රී ලංකාවේ දිනෙන් දින වර්ධනය වන මාර්ග රිය අනතුරු......

තවමත් නොවිසඳුණු අලි මිනිස් ගැටුම......