20 න් සිදුවන්නේ කුමක්ද?




                                     වත්මන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ 1978 දෙවැනි ජනරජයේ       ජේ.ආර්.ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන්  ස්ථාපිත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.වරින් වර විවිධ සංශෝධනයට ලක් වූව ද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ම වර්තමානයේ ද මෙරට ප්‍රධානතම නීති ලියවිල්ල වී තිබේ.1978 ජනරජයට පසුව 2020 වසරේ පැවැති මැතිවරණය තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  තුනෙන් දෙකක බලතල සහිත ව නියෝජිතයන් පත් කිරීමට මෙරට ජනතාව ඔවුන්ගේ ඡන්ද බලය භාවිතා කරනු ලැබීය.මෙම ආණ්ඩුව බලයට  පත්වීමත් සමග නව සංශෝධනයක් පාර්ලිමේන්තුවට යෝජනාවේ.ඒ  විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමිනි.මෙමගින් ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ මෙරට ප්‍රධාන විධායකය වන ජනාධිපතිතුමාගේ බලතල වල වෙනස් වීමකි.මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණි. 

                                      මීට පෙර බලයේ සිටි යහපාලන  ආණ්ඩුව යටතේ ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනු ලැබිණි.ඊට ප්‍රධානතම හේතුව වූයේ එකල බලයේ සිටි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා  මැතිවරණ වේදිකාවේදී විධායක ජනාධිපති ධුරය ඉවත් කරනවා යන්න දුන් පොරොන්දුවට සාධාරණයක් ලෙසිනි.මීට පෙර ද මැතිවරණ වේදිකාව තුළ ජනාධිපති ධූරය  අහෝසි කරනවා යන්න විවිධ පොරොන්දු ලබා දුන්නද බලයට පැමිණි පසු එසේ සිදුනොවුනි.19 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය තුළින් සිදු වුයේ ජනාධිපතිවරයාගේ බලතල යම් තාක් දුරකට සීමාවීමයි.නමුත් විසි වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා  සංශෝධන යෝජනාව තුළින් නැවතත් ජනාධිපවරයාගේ බලතල වර්ධනයවීමක් දක්නට ලැබේ.ඒ අනුව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තුළ ද ඒ ආකාරයෙන්ම අපට දැකගත ගත හැකි ය.එනම්,

01.තොරතුරු දැනගැනීමේ අයිතිය    

                       තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිය හෙවත් තොරතුරු දැනගැනීමේ අයිතිය  රටේ නීතියක් බවට පත්වීමට දශක ගණනාවක සිට කතාබහක් ඇති වුවද එය සිදු නොවුණි.තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතියක් බවට පත්වූයේ   19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළිනි.14 (අ)ව්‍යවස්ථාව ලෙස තොරතුරු දැන ගැනීමේ පනත ස්ථාපිත විය.මෙම යෝජනාව විසි වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය තුළ ද ඒ ආකාර දක්නට ලැබේ.


02.පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකි.

                          යහපාලන ආණ්ඩුක්‍රමය යටතේ පෙරදී පැවැති පාර්ලිමේන්තුවේ නිල කාලය වසර  6ක් යන සීමාව 19 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය තුළින් වසර 5 කට අඩු කරනු ලැබිණි.එම යෝජනාව එයාකාරයෙන්ම විසි වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය තුළ ද දැකග ගත හැකිය.

03.ජනාධිපති ධූරය දැරීමට වාර දෙකේ සීමාවක් පැවතුණි.

                         18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින්  ජනාධිපතිවරයෙක් පත්වීම සඳහා වාර දෙකේ සීමාව ඉවත් කරනු ලැබූ අතර පසුගිය යහපාලන ආණ්ඩුව එය නැවත වාර දෙකේ සීමාවට ගෙන එනු ලැබීය.විසි වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ද එම සීමාව කිසිදු වෙනසකට ලක් කර නොමැත.ඔවුන්ද වාර දෙකේ සීමාවට එකඟත්වයක් දක්වා තිබේ.



                         මෙම යෝජනා වල කිසිදු වෙනසක් සිදු නොවුනද විසිවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය තුළින් නව යෝජනා රැසක් ද ඉදිරිපත් වී ඇත.එනම්,


*19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික ඒකාබද්ධතාවය සහ ප්‍රතිසංවිධානය ප්‍රවර්ධනය කිරීම,ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට  වගබලා ගැනීම,ව්‍යවස්ථා සභාව තුළ ව්‍යවස්ථාගත ආයතනවල ක්‍රියාකාරිත්වය පහසු කිරීම,නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට පරිසරය සැකසීම.... යන යෝජනා විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තුළ නොමැත.


*අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ඉවත් කිරීම අගමැති උපදෙස් මත යහපාලන ආ ණ්ඩුවේ දී සිදු කෙරුණි.20 වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තුළින් ජනාධිපතිවරයාට සෘජුවම  අමාත්‍ය මණ්ඩල පත් කිරීමට  සහ ඉවත් කිරීමට හැකියාවක් පවතී.


*19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 30 ද රාජ්‍ය අමාත්‍යවරුන් 40 ද වශයෙන් සීමාවන් පැනවිණි.නමුත් 20වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තුළින්  අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව නිශ්චිතව  සඳහන් කර නොමැත.


*19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් දක්වා තිබුණේ ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරීමට නොහැකි බවයි.විසිවන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය තුළ එවැනි යෝජනාවක් දක්නට නොමැත.එහි ඇත්තේ ජනාධිපතිවරයාට ඕනෑම අමාත්‍ය ධුරයක් දැරීමට හැකි බවයි .


*පාර්ලිමේන්තුවට පනතක් එක් වරම සංශෝධනය කළ නොහැක.මහජනතාවට දැනගැනීම උදෙසා ගැසට් පත්‍රයේ පළ කරනු ලැබේ.ඒ සඳහා යහපාලන ආණ්ඩුව තුළින් සති දෙකක කාලයක් ලබා දුන්නද විසි වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තුළින් එය සතියක පමණ කාලයකට කෙටි කර ඇත.

 

*ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය හැකි යන්න විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවේ පවතී .


*ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව ලෙස වෙනස්වීමක් නව යෝජනාව තුළ දැකගත හැකිය .


*පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පාර්ලිමේන්තුව පත්වී  වසර 4  මාස 6 ඉක්ම වූ පසු  සිදු කිරීමට ජනාධිපතිවරයාට බලය යහපාලන ආණ්ඩුවේ පැවතුණි.නමුත් විසි වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තුළින් ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි ය යන්න යෝජනාවක් ඉදිරිපත් වී ඇත.



*ජනාධිපතිවරයාගේ යම්කිසි ක්‍රියාවක් තුළින් මූලික අයිතිවාසිකමක් කඩවුනහොත් නීතිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස භාවිත කරමින් නඩුවක් පැවරීමට හැකියාවක් පැවතුණි.නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තුළින් මෙවැනි යෝජනාවක් දැකගැනීමට නොමැත.


* ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණයට සහභාගි වීම සඳහා වයස අවුරුදු 35 සීමාව තිහ දක්වා අඩු කර ඇත.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තුළින් වයස   අවුරුදු 30 සම්පූර්ණ ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට සහභාගිවිය හැකිය.


*එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තුළින් 
මැතිවරණ කොමිසමේ බලතල ද අඩු කිරීමක් දක්නට ලැබේ.


*නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ඉහළ තනතුරු සඳහා සාමාජිකයින් පත්කිරීමේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාවේ   නිරීක්ෂණ ලබාගත යුතුය. නමුත් එහි දී පොලිස්පතිවරයාගේ නම සඳහන් වී නොමැත.




                විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව තුළින් අපට දැක ගත හැකි වන්නේ ජනාධිපතිවරයාගේ බලතල වර්ධනය වීමකි.රටක දේශපාලන බලය එක් පුද්ගලයෙක් අතට මධ්‍ය ගත වීම බලය අවභාවිත වීමේ ලක්ෂණයක් ලෙසද ගත හැකිය.මෙය රටකට අයහපත් දෙයකි.නමුත් ඇතැම් විට නව ආණ්ඩුවේ මෙම සංශෝධන යෝජනාව තුළින්  ඔවුන් අපේක්ෂා කරනු ඇත්තේ දේශපාලන ස්ථාවරත්වය වර්ධනය කරගැනීමක් විය හැකිය.ඒ තුළින් රටක සංවර්ධනය ඉතා කඩිනමින් සිදුකර ගත සිදුකර ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසය විය හැකියි .විධායක බලතල වැඩි වූ පමණින් අයහපත් ලක්ෂණයක් ලෙස අපට ගත නොහැකිය.චීනය ඇතුළු යුරෝපා රටවල් වලත් සංවර්ධනය කඩිනම් වී ඇත්තේ ඔවුන්ගේ දේශපාලන ස්ථාවරත්වය තිබීම නිසාය. මෙමගින් පෙනී යන්නේ විසි වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති ගේ බලතල වැඩි කිරීමක් පමණක් නොව  "රටේ සංවර්ධනය වේගවත් කිරීම් උදෙසා ඔවුන් මෙවැනි සංශෝධනයක් ගෙන ඇති බවයි" යන්න මාගේ අදහසයි.
                         
                       1978 ආණ්ඩු ව්‍යවස්ථාව වත්මන් සමාජයට ගැලපෙන්නේද  යන්න ප්‍රශ්න පැන නැගේ.එනිසාවෙන් බලයට පත්වන ආණ්ඩුව විසින් ඔවුන්ට පාලන බලය ගෙන යා හැකි ආකාරයට එහි සංශෝධන සිදු කරනු ලබයි.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට  කිසිදු බලයට පැමිණි ආණ්ඩුවක් උත්සහ කර නොමැති අතර වර්තමාන ආණ්ඩුව තුළින් වසර කිහිපයකට පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එයි යන්න  මාගේ අදහසයි.ඇතැම් විට එතුලින් සංශෝධනයන්ට වඩා සාර්ථකත්වයක් දැක ගැනීමට  අපට හැකියාවක් ලැබෙනු ඇත.


සටහන -: මධූ අත්තනායක.... 🖊️

Comments

  1. යාවත් කාලීන වැදගත් ලිපියක්.

    ReplyDelete
  2. වැදගත් ලිපියක්

    ReplyDelete
  3. වැදගත් ලිපියක් නොදන්නා දේවල් බොහෝමයක් දැන ගත්තා බුදුසරණයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ජංගම දුරකථන භාවිතය සහ ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයා......

ශ්‍රී ලංකාවේ දිනෙන් දින වර්ධනය වන මාර්ග රිය අනතුරු......

තවමත් නොවිසඳුණු අලි මිනිස් ගැටුම......