Posts

Showing posts from April, 2021

ශ්‍රී ලංකාවේ දිනෙන් දින වර්ධනය වන මාර්ග රිය අනතුරු......

Image
                               ශ්‍රී ලංකාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටකි. ඈත අතීතයේ මිනිසා ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරනු ලැබුවේ පා ගමන කරත්ත ගැල් ආදිය යි. විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසා එක් තැනක සිට තවත් ස්ථානයකට ප්‍රවාහන කටයුතු සිදුකරගැනීමට විවිධ රථවාහන නිපදවන ලැබිණි  . ශ්‍රී ලංකාව ද බ්‍රිතාන්‍ය යටත් විජිත යටත්විජිත කරණයට ලක් වූ පසු මෙම විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ප්‍රවාහන කටයුතු උදෙසා රථ වාහන භාවිත කරනු දැකගත හැකිය. ඒ අනුව මෙරට තුළ මහා මාර්ග වැනි යටිතල පහසුකම් ද ඉතා වේගයෙන් දියුණුවට පත්වී තිබේ.මහා මාර්ග වල ශීඝ්‍ර දියුණුවත් සමගම සෑම නිවසකම එදිනෙදා කටයුතු සඳහා ප්‍රවාහනය සිදු කිරීමේ රථ වාහනයක් දැකගැනීමට හැකිය.                                   අදවන විට ශ්‍රී ලංකාව පුරා මහා මාර්ග පමණක් නොව අධි වේගී මාර්ග අධිවේගී මාර්ග පවා නිර්මාණය වීම දැකගත හැකිය. මුදල් පසුපස හඹා යන මෙවැනි සමාජයක් තුළ එ...

ජංගම දුරකථන භාවිතය සහ ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයා......

Image
                                 ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය වසර දහතුනකට සීමාවේ. වයස අවුරුදු 5ක් පමණ වනතුරු දෙමාපියන් යටතේ වැඩෙන දරුවා ඉන් අනතුරුව සිය අධ්‍යාපනය ලබා ගැනීම උදෙසා පාසල් සඳහා පැමිණේ. ඉන් අනතුරුව මෙම දරුවන් දෙමාපියන්ට අමතරව ගුරුවරුන් යටතේ ද සිය ජීවිතය ගොඩනඟා ගනී. ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 18ට අඩු සියලුම පුරවැසියන් ළමයින් ලෙස සලකනු ලබයි. වර්තමානය වන විට විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනයට හිමි වන්නේ ඉතා ඉහල ස්ථානයකි. ළමයින්ගේ  මට්ටම ඉහළ නංවා ගැනීම උදෙසා සාමාන්‍ය පෙල පොත සමඟ කෙරෙනු ලබන අධ්‍යාපනයට අමතරව දෙමාපියන් ඔවුන්ට තාක්ෂණික උපාංග සමග අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.                                                                               ...

ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන......

Image
                            සමස්තයක් ලෙස ගත් කල ලොව පුරා වර්තමාන තත්ත්වය අනුව සෑම ගැහැණු ළමයින් දහදෙනෙකුගෙන් දෙදෙනෙක් ද  සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට ලක්වේ. මෙය සාමාන්‍ය දත්ත ගත කිරීමේදී එක් එක් රටවලට අඩු වැඩි වශයෙන් වෙනස් විය හැකිය.  ලංකාවේද ළමුන් ලිංගික අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. මෙම වාර්තාවෙන් අනාවරණය වන්නේ සාමාන්‍යයෙන් සිදු වන ලිංගික අපයෝජන ප්‍රමාණය නොව ඒ අතරින් වාර්තා වන්නා වූ ලිංගික අපයෝජන පමණි. නමුත් ලැජ්ජාව බිය සමාජ ආකල්ප නොදැනුවත්කම වැනි විවිධ හේතූන් මත බොහොමයක් අවස්ථාවල මෙම වාර්තාකරණය මග හැරී තිබේ.                                                                           අද වන විට ළමා හා ලිංගික අපචාර ලොව පුරා පැතිරී පවතී. මෙය සමාජීය වශයෙන්  නොවි...