ලාංකීය වන සංහාරය.....

වර්ග කිලෝමීටර 65610 ක් පමණ වන භූමි ප්‍රදේශයකට හිමිකම් කියන ශ්‍රී ලංකාද්වීපය ඉතා කුඩා දූපතකි. සමකාසන්නයේ පිහිටි මෙම දූපත ඉන්දියන් සාගරයේ පිහිටා ඇත.උස් ගස් වලින් වටවූ මිනිස් ජනාවාසයෙන් තොර විවිධ සතුන් පමණක් ජීවත් වන ප්‍රදේශය වනාන්තරයක් ලෙස සරලව අපට හැඳින්විය හැකිය. මිහිතලය ජීවයෙහි පැවැත්ම සඳහා වනාන්තර අත්‍යවශ්‍ය වේ . තාක්ෂණික වශයෙන් දියුණු වීමත් සමඟ මිනිස් ක්‍රියාකාරකම් වෙනස් වෙමින් පවතී.වනාන්තර මගින් මිනිසුන් බිලියන ගණනකට වාසස්ථාන සපයන ලබන අතර මිනිසුන් ජීවත් වන පරිසරයට ගුණාත්මකභාවයක් ලබා දෙයි. මේ අතරම ගංගා ඇළ දොළ ආදී ජල පෝෂක ප්‍රදේශ පමණක් නොව ජල චක්‍රය පාංශු චක්‍රය පාලනය කිරීම සහ දේශගුණයක සමතුලිතතාවය රැක ගැනීම වනාන්තර තුළින් සිදුවේ. නමුත් වර්තමානය පමණ වන විට මිනිස් ක්‍රියාකාරකම් වල සංකීර්ණභාවයත් සමග දිනෙන් දින වන සංහාරය වර්ධනය වෙමින් පවතී. සංස්කෘතික සමාජයීය ආර්ථික අංශයන් අංශයන්හි දියුණුවත් සමඟ වන විනාශය රටින් රටට වෙනස් වේ. ශ්‍රී ලංකාවේ වන විනාශය මෙර...