Posts

ශ්‍රී ලංකාවේ දිනෙන් දින වර්ධනය වන මාර්ග රිය අනතුරු......

Image
                               ශ්‍රී ලංකාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටකි. ඈත අතීතයේ මිනිසා ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරනු ලැබුවේ පා ගමන කරත්ත ගැල් ආදිය යි. විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසා එක් තැනක සිට තවත් ස්ථානයකට ප්‍රවාහන කටයුතු සිදුකරගැනීමට විවිධ රථවාහන නිපදවන ලැබිණි  . ශ්‍රී ලංකාව ද බ්‍රිතාන්‍ය යටත් විජිත යටත්විජිත කරණයට ලක් වූ පසු මෙම විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ප්‍රවාහන කටයුතු උදෙසා රථ වාහන භාවිත කරනු දැකගත හැකිය. ඒ අනුව මෙරට තුළ මහා මාර්ග වැනි යටිතල පහසුකම් ද ඉතා වේගයෙන් දියුණුවට පත්වී තිබේ.මහා මාර්ග වල ශීඝ්‍ර දියුණුවත් සමගම සෑම නිවසකම එදිනෙදා කටයුතු සඳහා ප්‍රවාහනය සිදු කිරීමේ රථ වාහනයක් දැකගැනීමට හැකිය.                                   අදවන විට ශ්‍රී ලංකාව පුරා මහා මාර්ග පමණක් නොව අධි වේගී මාර්ග අධිවේගී මාර්ග පවා නිර්මාණය වීම දැකගත හැකිය. මුදල් පසුපස හඹා යන මෙවැනි සමාජයක් තුළ එ...

ජංගම දුරකථන භාවිතය සහ ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයා......

Image
                                 ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය වසර දහතුනකට සීමාවේ. වයස අවුරුදු 5ක් පමණ වනතුරු දෙමාපියන් යටතේ වැඩෙන දරුවා ඉන් අනතුරුව සිය අධ්‍යාපනය ලබා ගැනීම උදෙසා පාසල් සඳහා පැමිණේ. ඉන් අනතුරුව මෙම දරුවන් දෙමාපියන්ට අමතරව ගුරුවරුන් යටතේ ද සිය ජීවිතය ගොඩනඟා ගනී. ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 18ට අඩු සියලුම පුරවැසියන් ළමයින් ලෙස සලකනු ලබයි. වර්තමානය වන විට විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනයට හිමි වන්නේ ඉතා ඉහල ස්ථානයකි. ළමයින්ගේ  මට්ටම ඉහළ නංවා ගැනීම උදෙසා සාමාන්‍ය පෙල පොත සමඟ කෙරෙනු ලබන අධ්‍යාපනයට අමතරව දෙමාපියන් ඔවුන්ට තාක්ෂණික උපාංග සමග අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.                                                                               ...

ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන......

Image
                            සමස්තයක් ලෙස ගත් කල ලොව පුරා වර්තමාන තත්ත්වය අනුව සෑම ගැහැණු ළමයින් දහදෙනෙකුගෙන් දෙදෙනෙක් ද  සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට ලක්වේ. මෙය සාමාන්‍ය දත්ත ගත කිරීමේදී එක් එක් රටවලට අඩු වැඩි වශයෙන් වෙනස් විය හැකිය.  ලංකාවේද ළමුන් ලිංගික අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. මෙම වාර්තාවෙන් අනාවරණය වන්නේ සාමාන්‍යයෙන් සිදු වන ලිංගික අපයෝජන ප්‍රමාණය නොව ඒ අතරින් වාර්තා වන්නා වූ ලිංගික අපයෝජන පමණි. නමුත් ලැජ්ජාව බිය සමාජ ආකල්ප නොදැනුවත්කම වැනි විවිධ හේතූන් මත බොහොමයක් අවස්ථාවල මෙම වාර්තාකරණය මග හැරී තිබේ.                                                                           අද වන විට ළමා හා ලිංගික අපචාර ලොව පුරා පැතිරී පවතී. මෙය සමාජීය වශයෙන්  නොවි...

ලාංකීය වන සංහාරය.....

Image
                              වර්ග කිලෝමීටර 65610 ක් පමණ වන භූමි ප්‍රදේශයකට හිමිකම් කියන ශ්‍රී  ලංකාද්වීපය  ඉතා කුඩා දූපතකි. සමකාසන්නයේ පිහිටි මෙම දූපත ඉන්දියන් සාගරයේ පිහිටා ඇත.උස් ගස් වලින් වටවූ මිනිස් ජනාවාසයෙන් තොර විවිධ සතුන් පමණක් ජීවත් වන  ප්‍රදේශය වනාන්තරයක් ලෙස සරලව අපට හැඳින්විය හැකිය. මිහිතලය ජීවයෙහි පැවැත්ම සඳහා වනාන්තර අත්‍යවශ්‍ය වේ . තාක්ෂණික වශයෙන් දියුණු වීමත් සමඟ මිනිස් ක්‍රියාකාරකම් වෙනස් වෙමින් පවතී.වනාන්තර මගින් මිනිසුන් බිලියන ගණනකට වාසස්ථාන සපයන ලබන අතර මිනිසුන් ජීවත්  වන පරිසරයට ගුණාත්මකභාවයක් ලබා දෙයි. මේ අතරම ගංගා ඇළ දොළ ආදී ජල පෝෂක ප්‍රදේශ පමණක් නොව ජල චක්‍රය පාංශු චක්‍රය  පාලනය කිරීම සහ දේශගුණයක  සමතුලිතතාවය රැක ගැනීම වනාන්තර තුළින් සිදුවේ. නමුත් වර්තමානය පමණ වන විට මිනිස් ක්‍රියාකාරකම් වල සංකීර්ණභාවයත් සමග දිනෙන් දින වන සංහාරය වර්ධනය වෙමින් පවතී. සංස්කෘතික සමාජයීය ආර්ථික අංශයන් අංශයන්හි දියුණුවත් සමඟ වන විනාශය රටින් රටට වෙනස් වේ. ශ්‍රී ලංකාවේ වන විනාශය මෙර...

දහසක් නොවටින මිනිසුන්.......

Image
                     බ්‍රිතාන්‍ය යටත්විජිතකරණ යත් සමඟ ලාංකීය දේශපාලන සමාජීය ආර්ථික සංස්කෘතික  යනාදී සියළුම අංශයන් තුල පරිවර්තනයක් දැකගැනීමට හැකිය. ඒ අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ  පැවැති සංස්කෘතිය බිඳ වැටීම බටහිරකරනට ලක් වූ සංස්කෘතියක් මෙරට තුළ දැක ගැනීමට හැකිය. ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි. මෙරට ප්‍රධානතම විදේශ විනිමය ගෙනෙන අංශයක් ලෙස වැවිලි කර්මාන්තය හඳුන්වා දිය හැකිය.බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමත් සමග කඳුකර ආශ්‍රිත ප්‍රදේශය වතු කර්මාන්තය ආරම්භ විය. බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයෙන් නිදහස ලබා වසර 73 කාලයක් ගත වුවත් මෙරටට ප්‍රධානතම විදේශ විනිමය ගෙන එන කර්මාන්තයක් ලෙස වතු කර්මාන්තය හැඳින්විය හැකියි. ඈත අතීතයේ වතු කර්මාන්තවල  වැඩ කිරීම සඳහා ඉන්දියාව වැනි  අත්‍යාසන්න රටවල් වල සිට  මෙරටට කම්කරුවන් ගෙන එනු ලැබුණි.එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට වතු ආශ්‍රිතව කම්කරු ප්‍රජාවක් බිහි වී සිටී. වර්තමානය වන විටත් මෙම වතු ආශ්‍රිතව වැඩ කටයුතු සිදුකරන්නෙ වතු කම්කරුවන් විසිනි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම...

තවමත් නොවිසඳුණු අලි මිනිස් ගැටුම......

Image
                                                                 ශ්‍රී ලංකා යනු දකුණු ආසියාවේ පිහිටි ඉතා කුඩා දූපතකි. අතීතයේ සිට මෙරට ප්‍රධානත ම ජීවනෝපාය වුයේ කෘෂි කර්මාන්තයයි. ලෝකයේ දියුණුතම සත්වයා මනුෂ්‍යයාය. ලාංකීය සත්ව ලෝකයේ සිටින විශාලතම සත්වයින් වන්නේ අලි සහ ඇතුන්ය. මිනිසා තාක්ෂණික වශයෙන් දියුණු වීමත් සමඟ ස්වභාව දහමට ඇති ලැදියාව කෙමෙන් අඩුවී ඇත. අතීතයේ සිට මෙරට ජීවනෝපාය ලෙස කෘෂිකර්මාන්තය හැඳින්වුව ද වර්තමානය වන විට එය වෙනස් වෙමින් පවතී. වනාන්තර එළි පෙහෙළි කරමින් කර්මාන්තයන් ,මහා මාර්ග ,ගොඩනැගිලි...... වැනි දෑ ඉදිකිරීමට  පෙළඹී ඇත. මෙම හේතුව නිසා වනාන්තරවල වල සිටින සත්වයින් සාමාන්‍ය ජනතාව අතරට පැමිණීමට  පුරුදු වී සිටී. මේ හේතු නිසා සතුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇති වේ. ඒ අනුව දීර්ඝ කාලීනව ලාංකීය සමාජය තුළ අලි මිනිස් ගැටුම නොනවතින ගැටුමක් ලෙස වර්ධනය වී ඇත.                 ...

කොරෝනා හමුවේ ලාංකීය අධ්‍යාපනය.....

Image
                              ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි.මෙම වසර ආරම්භයත් සමග චීනයේ වුහාන් නගරයෙන් අභිරහස් වෛරසයක් ආරම්භ වී  එය ලොව පුරා පැතිරී ගියේය.මෙම වසරේ ජනවාරි මස පමණ වන විට ලාංකීය ජනතාව අතර ද කොරෝනා  වෛරසය පැතිර ගියේය.ඒ අනුව ජනවාරි විසිපස් වන දින පමණ වන විට කොරෝනා ආසාදනය වූ චීන ජාතික කාන්තාවක් මෙරටින් හමු විය.අනතුරුව මාර්තු මස පමණ වන විට මෙරට පාසල් විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතන රජය විසින් වසා දමනු ලැබුවේය.                                                ශ්‍රී ලංකාව යනු සාක්ෂරතාවයේ ඉහළම පවතින රටකි.එනම් ලාංකීය අධ්‍යාපනය ද ඉතා වටිනා අධ්‍යාපනයකි.ලාංකිකයින් වසර දහ තුනක පමණ කාලයක් තුළ පාසල් අධ්‍යාපනයෙ ද ඉන් අනතුරුව වසර හතරක පමණ කාලයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද  ලබා ගනි. ලාංකීය සමාජය තුල අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් ලබාදී ඇත.නමුත් ජනවාරි මස ආරම්භ වූ පළමු කොරෝන...